unique visitor counter
Loading...

මුහුණ සුදු කරගන්න හොදම ක්‍රමේ මෙන්න

Loading...

අප රූපලාවන්‍යයේදි තරුණ පෙනුම රැකගැනීමට සිදුකරන සත්කාර බහුතරයක් සිදු කරනුයේ මූහුණටයි. විශේෂයෙන්ම මුහුණේ සමෙහි නිරෝගිකම ඔබේ පෙනුමට වැඩි අගයක් එක් කරනු ඇත. කාන්තාවන් බහුතරයක් මුහුණට භාවිතා කරන්නේ රසායනික ආලේපයන්ය. නමුත් ඒවා 100%ක් අරක්ෂාකාරීයයි කිව නොහැකියි. එයට හේතුව නම් කාලයක් මුලුල්ලේ රසායනික ද්‍රව්‍ය අඩංගු ආලේපයන් භවිතය නිසා විවිධ අතුරු ආබාධ වලට ගොඳුරු වීමේ අවධානම වැඩිවීමයි.

අද අප ඔබට ඉදිරිපත් කරන්නේ මුහුනේ තරුණ පෙනුම වැඩිකරදෙන 100% ස්වභාවික ආලේපයකි. ඒ සඳහා යොදාගනු ලබන ප්‍රධානම අමුද්‍රව්‍යය ඔබ කවුරුත් හඳුනන්නකි, එනම් මෙය සහල් වලින් කරන ප්‍රත්‍යක්ෂ හා සරල ප්‍රතිකාරයකි. සහල් වල අඩංගු විටමින් හා ඛණිජ සංඝටක ප්‍රමාණය ඉතාම ඉහළයි. එය ආහාරයට ගැනිමෙන් අප සිරුරට පෝෂණයක් ලැබෙනවා සේම බාහිර වශයෙනුත් ආලේපයක් ලෙසට මුහුණෙහි සම පෝෂණය කිරිමට යොදාගත හැකියි. මෙම සහල් ප්‍රතිකාරය ජපානය හා චිනය වැනි රටවල අතීතයේසිටම භාවිතා වූ ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයකි. එම රටවල යුවතියන්ගේ ලාබාල පෙනුමෙහි එක් රහසක් වන්නේද මෙම විශ්මිත සහල් ප්‍රතිකාරයයි.

Loading...

Add Comment