unique visitor counter
Loading...

විශ්මිත ලෙසට මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරන කෙසෙල් මිශ්‍රණය

Loading...

කාන්තාවන්ගේ මුහුණ හා සිරුරේ අනෙකුත් ප්‍රදේශයන්හි රෝම වැඩීම යම් ප්‍රමාණයකට සිදුවිය හැකියි. එය ස්වාභාවිකයි. විශේෂයෙන්ම මුහුණ වැනි ප්‍රදේශවල අනවශ්‍ය රෝම වැඩීම නිසා ඔවුන් අපහසුතාවයකට පත්වේ. මුහුණෙහි වැඩිපුරම රෝම වැඩිය හැකි ප්‍රදේශ දෙකක් නම් දෙතොල් වලට ඉහළින් ඇති ප්‍රදේශය හා නිකට ප්‍රදේශයයි.

අනවශ්‍ය රෝම ඉවත් කිරීම සඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම ඇත. රේසර් භාවිතය, බ්ලීචින්ග්, වැක්සින්, ත්රෙඩින්ග්, රසායනික ක්‍රීම් වර්ග භාවිතය හා ලේසර සැත්කම් ඉන් ප්‍රධානයි. මෙම ප්‍රතිකාර ක්‍රම අතරින් ත්‍රෙඩින්ග් කිරිම වේදනාකාරීය, රේසර් කිරීමෙන් ද සමට හානිවිම් විය හැකියි, වැක්ස් කිරීම ද එතරම්ම සාර්ථක ක්‍රමයක් ලෙසට පිළි නොගැනේ. එමෙන්ම ලෙසර් වැනි ප්‍රතිකාර හා රසායනික ක්‍රීම් භාවිත කිරීමෙන් ද විව්ධ අතුරු ආබධ වලට ගොඳුරුවිම් සිදුවිය හැකියි. සාමාන්‍යයෙන් ඒ සදහා වැඩි මුදලක්ද වැය කිරීමට සිදු වේ.

මේ සියලුම ප්‍රතිකාර දෙස විමසිල්ලෙන් බලන කළ ස්වභාවික මෙන්ම ලාබදායි ප්‍රතිකාර ක්‍රමයක් ඇති නම් කොපමණ හොඳදැයි ඔබට සිතේවි.

අද අප ඔබට හඳුන්වා දෙන මෙම කෙසෙල් මිශ්‍රණය ඉහත ගැටලු වලට හොඳම විකල්ප විසඳුමක් සැපයිමට සමත්වනු ඇත. එය 100% ස්වභාවික ක්‍රමයක් ද වේ.

නිවසේදීම ඔබටත් මෙම කෙසෙල් ප්‍රතිකාරය අත්හදා බැලිය හැකියි.

Loading...