unique visitor counter
Loading...

ඇඳ මකුණු කරදරය සදහටම ඉවත්කළ හැකි ස්වභාවික කෘමිනාශක 7ක් මෙන්න

Loading...

ඇඳ මකුණන් යන නම ඇසෙනවිටත් අපට ඇතිවන්නේ අප්‍රිය හැඟීමකි. ඔවුන් පරපෝෂිතයන් ලෙසට මිනිසා ඇතුළු වෙනත් සතුන්ගේ රුධිරය උරා බිම මඟින් යැපේ. සමාන්‍යයෙන් ගැහැණු ඇඳ මකුණෙකුට ජීවිත කාලය තුළ බිත්තර සියගණනක් දැමිය හැකියි. මෙම මකුණන් අතරත් සුලභම හා අපට වැඩිපුරම කරදරකාරී මකුණන් විශේෂය Cimex lectularius ලෙසට හඳුන්වන අතර ඔවුන් මිනිස් රුධිරය උරා බීමට වැඩි කැමැත්තක් දක්වන බව කියැවේ. එමඟින් මිනිස් සමෙහි විවිධාකාරයට ආසාත්මිකතා ඇතිවිය හැකියි. කැසීම හ සමෙහි පලු දැමීම භෝවිට මතුවන සංකූලතාවයකි. ඒ නිසාම මානසික වශයෙන්ද එය අපට යම් පිඩාකාරිත්වයක් ඇති කරලීමට සමත් විය හැකියි.

ප්‍රධාන වශයෙන්ම ඇඳ මකුණන් බෝවීමක් සිදුවන්නේ ඔබේ නිවසේ ඇති අපිරිසිඳුකම හේතුවෙනි. ඇඳෙහි කොට්ට මෙට්ට ආදියෙහි පමණක් නොවෙයි, ඇඳුම් , ගමන් මලු හා නිවසේ භාවිතා කරන ගෘහ භාණ්ඩ වල පවා ඔවුන් සිටිය හැකියි. ඒ නිසා ඔබේ නිවස හා බඩුබාහිරාදිය නිතරම පිරිසිදුව තබා ගන්න.
මකුණන් මර්දනයට අප රසායනික කෘමිනාශක භාවිතයට හුරුපුරුදුවී සිටියත් එයින් අපේ සෞඛ්‍යයට මෙන්ම පරිසරයටද සිදුවිය හැකි හානියත් සුලුපටු නොවෙයි. විශේෂයෙන්ම කුඩා ළමුන්ට එයින් දරුනු ශ්වසන රෝගී තත්වයන් පවා හට ගැනිමට ඉඩක් ඇත. මෙයට විකල්පයක් ලෙසට නිවසේදිම අඩුම වියදමකින් සාදාගත හැකි හා අරක්ෂාකාරීව පරිහරණය කළ හැකි ස්වභාවික කෘමිනාශක 7ක් ගැන අද අප ඔබට ඉදිරිපත් කරන්නෙමු.

Loading...