unique visitor counter
Loading...

කෙස් කළඹ ශීඝ්‍රයෙන් වර්ධනය කරන ෂැම්පූ වෙනුවට භාවිතා කළ හැකි විශ්මිත සත්කාරයක්

Loading...

මීට ඉහතදී අපි බේකිං සෝඩා වල පුදුමාකාර භාවිතයන් හා ප්රයෝජන රැසක් ගැන විස්තර ඔබට ඉදිරිපත් කළා. එහිදී රූපලාවන්ය සත්කාර සඳහාත් එය භාවිතාවා කළ හැකි බව සඳහන් වුණ බවත් ඔබට මතක ඇති. ඒ ආකාරයට රූපලාවන්ය කටයුතු වලදී කොණ්ඩය පිරිසිඳු කිරිමටත් හිස කෙස් සත්කාරයක් ලෙසත් එය භාවිතා කෙරෙන්නේ කොහොමද? කියලා අද ලිපියෙන් ඔබට දැනගැනීමට ලැබේවි. ඇත්තටම ඔබ කොණ්ඩයට භාවිතා කරන සමහර රසායනික ෂැම්පූ වර්ග ස්නානයෙන් පසුවද සුලු වශයෙන් හෝ හිස කෙස්වල රැඳී තිබිය හැකියි. ඒවා ඉවත් කිරීමට ඔබට බේකිං සෝඩා උපකාර කරගත හැකියි. මීට අමතරව අවශ්‍ය නම් කොණ්ඩය පිරිසිදු කිරීමට හා එහි නිරෝගී කම වැඩි කරගැනීමට බේකිං සෝඩා සත්කාරයන් පාවිච්චි කළ හැකියි. එය ෂැම්පූ වෙනුවට විකල්පයක් ලෙසට නිවසේදී භාවිතා කරගැනීමට හැකියවක් ඇත.

Loading...