unique visitor counter
Loading...

මැරෙන්න කලින් ජිවිතය විදින්න එක් වරක් ඔබ ඉටුකල යුතු දේවල් මෙන්න ඔබ සොයපු සතුට මේ අතර

Loading...

ජීවිතය කියන්නේ හරිම පුදුමාකාර දෙයක්.තියෙන නැතිවෙන දේවල් වලින් අංක 01 ටම ඉන්නෙත් මේ ජීවිතය ම තමයි.එකනේ තන අග බැදි පිනි බිදුවක් තරම් ඒක අවිනිශ්චිතයි කියන්නෙත්.අපි මරනින් මතු ජීවිතයක් විස්වාස කලත් නොකලත්, අද මේ ලැබිච්ච ජීවිතය හොදින් ,සංතෝසෙන් , විනෝදයෙන් ගෙවන්නයි අපි කාටත් ඕන කරන්නේ.ඔබ සිතනවානම් විදිය හැකි සියළුම දේ ජීවිතයේ අවසානය එහෙමත් නැත්තම් මරණය ට ලං වෙනකොට අපිට ලබලා අවසන් කරන්න පුලුවන් කියලා, ඒක එක්තරා විහිලුවක් ම විතරයි.මුදල් සෙවීමට, වගකීම් ඉටු කරන්න, රැකියාවලට , පවුල් ජීවිතය් ගෙවන්න , අරමුනු ඉෂ්ඨ කරගන්න මෙ කියන සියළු දේටම අපි ඉමක් කොනක් නැතිව දුවනවා.අන්තිමෙදී අපි ජීවිතය වින්දා කියලා හිතුවට ඒක විදවලා විතරයි.කාලා , බීලා , නැටලා ,ගැයලා , සැප සම්පත් වලින් විතරක් ජීවිතය විදින්න යන සමාජයට අපි කියන්න හදන්නේ ඇත්තටම අපිට ජිවිතය වින්දා කියලා සතුටු වෙන්න කරන්න පුළුවන් කාරනා ටිකක්. ඒ විතරක් නෙවෙයි හිතලා බලන්න මේ දේවල් කරලා අවසානයේ ලබන තෘප්තිය සල්ලි වලට ගන්න පුලුවන් ද කියලා.

Loading...