unique visitor counter
Loading...

මදුරුවන් නොමරා, සල්ලිත් ඉතුරු කරගෙන මදුරු කරදරයෙන් බේරෙන්න හොදම ක්‍රමය මෙන්න

Loading...

වර්තමානයේ පවතින කාලගුණික වෙනස්වීම් තත්ව නිසා මදුරු කරදරය වැසි කාලයට විතරක්ම නොවෙයි, නිතර අත් විඳින කරදරයක් බවට පත් වෙලා. මේ මදුරු කරදරයෙන් මිදෙන්න ඔයාලත් මදුරු කොයිල්, කෘමි නාශක, විවිධ ආලේපන මිලට ගන්නවා ඇති. මුදල් වියදම් කරලා මදුරු කරදරයෙන් බේරෙන්න විවිධ උපක්රම යෙදුවත් ඇත්තටම ඒ ක්රම ඔය කියන තරම්ම සාර්ථක නැහැ නේද? ඒ විතරක් නොවෙයි, සමහර මදුරු නාශක වර්ග , කුඩා ළමුන් සිටිනා නිවෙස් වල තබා ගැනීමත් ඒ තරම්ම නුවණට හුරු නැහැ. ඒවා භාවිතයෙන් විවිධ අතුරු ආබාධ වලටත් අපි ගොදුරු වෙනවා.

මෙන්න මේ වගේ කරදර වලින් තොරව හොඳම ස්වභාවික විකල්පයක් අපිට මේ ප්රශ්නයට හොයාගන්න බැරිද? බුද්ධිමත්ව හිතුවොත් එයට ඉතාම පහසු විකල්ප ක්රමයක් ඔබේ නිවස ආශ්රයෙන්ම සොයාගන්න පුලුවන් වෙයි. සමහර ශාක වර්ග තියෙනවා මදුරුවන් පලවා හැරීමට ස්වභාවිකවම හැකියාවක් තිබෙන. මදුරුවන් නොමරා, සල්ලිත් ඉතුරු කරගෙන මදුරු කරදරයෙන් බේරෙන්න පුලුවන් හොඳම විකල්පය තමයි, මදුරුවන් අකමැති මෙන්න මේ වගේ ශාක වර්ග ඔබේ මිදුලේ හෝ ගෙවත්ත අසල සිටුවා ගැනීම.

Loading...