unique visitor counter
Loading...

ඔබ පාවිච්චි කරන හිසකෙස් වර්ණක පිලිකා ඇති කරන්න පුළුවන්.මේ ස්වාභාවික වර්ණක 4ක් සාදාගන්නා ආකාරයයි

Loading...

කොණ්ඩා මෝස්‌තර ශිල්පින් හා කොණ්ඩා කපන අය වැඩි වශයෙන් මෙම ඩයි වර්ග වලට හා විෂ ද්‍රව්‍ය වලට නිරාවරණය වන නිසා ඔවුන්ට පිළිකා සෑදීමේ අවදානම වැඩි බව සොයාගෙන ඇත.
මිනිසාගේ හිස්කබල රුධිර නාල ගණනාවකින් සෑදී ඇත.අප පාවිච්චි කරන ඩයි වර්ග හරහා විවිධ විෂ ද්‍රව්‍ය මුළු සිරුරටම ඇතුළු වී ලියුකේමියාව,ලිම්ෆෝමාව වැනි භයානක ලෙඩ ඇතිවෙන්න පුළුවන්.

දැනට හිසකෙස් වර්ණක 456ක් පමණ ඇත.එයින් 400ක පමණ හානිදායක රසායන ද්‍රව්‍ය අඩංගු වී තිබේ.මෙම විෂ රසායන ද්‍රව්‍ය නිසා ඇතිවන ගැටළු රාශියකි.

ඇස,ශ්වසන අවයව,සම ඉදිමුම හා දැවිල්ල සහ අසාත්මිකතා ඇතිවෙන්න පුළුවන්.
ප්‍රජනන පද්ධතියේ ක්‍රියාකාරිත්වය අඩාල වීම.
පිලිකා ඇති වීම.
ස්නායු පද්ධතිය අඩාල වීම.
ප්‍රතිශක්ති පද්ධතිය අඩාල වීම.

Chestnut brown හා ash blonde වැනි ඩයි වල විෂ රසායන ද්‍රව්‍ය අඩංගු වේ.

Para-phenylenediamine,tetrahydro-6-nitroquinoxaline,Formaldehyde,carcinogen,Eugenol වැනි විෂ රසායන ද්‍රව්‍ය නිසා පිළිකා,ප්‍රතිශක්ති පද්ධතියේ,ස්නායු පද්ධතියේ,ප්‍රජනන පද්ධතියේ ක්‍රියාකාරිත්වයට හානි කිරිම,හා විවිධ අසාත්මිකතා ඇතිවෙන්න පුළුවන්.
ගර්භනී මව්වරු හා කිරිදෙන මව්වරු මේවා පාවිච්චි කිරීමෙන් බබාලාගේ සෞඛ්‍යට විශාල තර්ජනයක් වෙන්න පුළුවන්.එහෙයින් වඩාත් සුදුසු වන්නේ මේවායින් වැලකි සිටීමයි.ඔබ ඩයි පාවිච්චි කිරීමට පෙර ඒ ගැන දැනුවත් වී සිටිය යුතුය.ඔබට හිසකෙස් වර්ණ ගැන්වීමට අවශ්‍යම නම් ඒ සඳහා ලා පති වර්ණ යොදාගන්න.තදපති වර්ණක වල විෂ වැඩිපුර අඩංගු වේ.එසේම දිගු කාලින වර්ණක වල ද විෂ බොහෝ අඩංගු වේ.
ශාකසාර හා එළවලු වලින් සාදන වර්ණක වල විෂ අඩංගු නැත.

ස්වාභාවික ඩයි වර්ගයක් සාදාගන්න ආකාරය.

අවශ්‍ය ද්‍රව්‍ය : Strong Chamomile Tea කෝප්ප 2ක්
දෙහි යුෂ කෝප්ප භාගයක්
strong calendula tea කෝප්ප භාගයක්

සාදන ක්‍රමය : ඉහත ද්‍රව්‍ය සියල්ල ස්ප්‍රේ බෝතලයකට දමා පාවිච්චියට පෙර හොඳින් සොලවා මිශ්‍ර කර කොණ්ඩෙට ස්ප්‍රේ කර හොදින් පිරිමදින්න.පැයක් හෝ 2ක් හිරු එළියේ සිටින්න.පසුව හොඳින් සෝඩා හරින්න. මෙය සතියකට කිහිප වතාවක් කරන්න.මෙමඟින් ඔබේ හිසකෙස් මෘදු බවට හා දිලිසෙන ස්වභාවයක් ගෙන දෙයි.

රතු කොණ්ඩයක් සඳහා සුදුසු ශාක සාර : මේ සඳහා ස්ට්‍රෝබෙරි යොදාගන්න පුළුවන්.මෙමඟින් තද දුඹුරු පැහැයට හුරු තඹ පැහැයක් ලබාගත හැකියි

Loading...